Sunday, July 15, 2012 1 comments

ත්‍රීකුණාමල වරායේ බෝට්ටු ගමනක්..

ඉතින් ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ අපි පහුගිය දවසක ගිය field visit එකක තොරතුරු ටිකක්. අපි ගියේ ත්‍රීකුණාමලේ වරායට. ඔයාල දන්නවද ත්‍රීකුණාමලේ වරාය කියන්නේ ලංකාවේ තියන විශාල ස්වභාවික වරායක්.



ඔය රූපෙ රතුපාටින් රවුම් කරලා තියන හරියට තමයි අපි ගියේ.



campus එකේ අපිට තියනවා Hydrography කියල subject එකක්.ඉතින් මේ subject එකට තමයි අපි මේ field visit එක ගියේ.මේක යන්න තිබුනේ ගිය අවුරුද්දේ.ඉතින් කොහොමහරි පරක්කු වෙලා පරක්කු වෙලා අන්තිමට මේ අවුරුද්දේ යන්තම් මේක යන්න පුළුවන් උනා.අපි campus එකෙන් යන්න පිටත් වුනේ උදේ 11ට විතර.අපේ campus එක තියෙන්නේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ.අපි රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල, කුරුණෑගල, දඹුල්ල, හබරණ, කන්තලේ, හරහා තමයි ත්‍රීකුණාමලයට ගියේ.අපිට ත්‍රීකුණාමලේ දවස් දෙකක් නවතින්න තිබුනා.ඉතින් ඒ නිසා අපිට කෑමට ඕනි හාල් එළවලු වගේ ඒවා ගත්තේ දඹුල්ලෙන්.එතකොට වෙලාව රෑ 8 ට විතර ඇති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් තමයි අපි එළවලු ගත්තේ.


 දඹුල්ලෙ එළවලු


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග එළවලු ගනුදෙනු තමයි වැඩිපුර සිද්ද වෙන්නේ.මේකේ ගනුදෙනු රෑ එලිවෙනකන්ම සිද්ද වෙනවලු.එළවලු ලොරි ලංකාවේ හැම පැත්තෙන්ම එනවලු.සමහර දවස් වලට එළවලු ලොරි පෝලිම town එකේ ගොඩක් දුරට යනකන් තියනවා කියල මගේ යාලුවෙක් කිව්වා.අපි ගිය දවසෙනම් ගොඩක් පෝලිමක් තිබුනේ නෑ.අපි රැට කෑම කෑවෙත් දඹුල්ල town එකෙන්.හැබැයි එහෙ කෑමනම් ටිකක් ගණන්.රෑ වෙලා තිබුනා නිසාද දන්නෑ.අපේ කට්ටියට කෑම කන්න ලොකු ගානක් ගියා.ඉතින් කොහොමහරි ත්‍රීකුණාමලේට යද්දී පාන්දර 1ට විතර ඇති.අපි නැවතිලා හිටියේ ශ්‍රී අනන්ද්‍රරාමය කියන පන්සලේ.



ඉතින් පහුවදා උදේ 7 වෙනකොට අපිට ත්‍රීකුණාමලේ වරායට එන්න කියල තිබුනා.ඒක නිසා අපි ගිය ගමන්ම නිදාගත්තා.අපේ batch ඒක group දෙකකට තමයි මේ field එක කරන්න දාල තිබුනේ, දවසකට 25 ගානේ.මටත් යන්න තිබුනේ පළවෙනි දවසේ.එදා උදේ 7.15 විතර වෙද්දී අපි වරායට ගියා.

ත්‍රීකුණාමලේ වරාය

ඔයාලා අහල ඇති NARA (National Aquatic Resources Research and Development Agency) කියල ආයතනයක් ගැන





ඉතින් මේ ආයතනයේ කට්ටිය තමයි අපිට මේ practical එක කරන්න උදවු කරේ, අපේ campus එකෙන් out උන අයියල දෙන්නෙක් ඒකෙ වැඩ කරනවා.ඉතින් ඒ අයියලගේ උදව්වෙන් තමයි අපිට මේක කරන්න පුළුවන් වුනේ.ඉතින් මේ NARA ආයතනයෙන් මේ දවස් වල ත්‍රීකුණාමලේදී කරන්නේ වරායේ nautical charts සකස් කරන එක.

nautical charts

ඒ කියන්නේ දැන් නැවක් වරයාට ඇතුළු වෙනොකොට ඒ නැව පදවන කෙනා දැනගන්න ඕනිනේ මේ වරායේ ගැඹුර කොච්චරද කියල.හරියට ඒක දැනගත්තොත් තමයි නැව ආරක්ෂිතව වරායට ඇතුළු කරන්න පුළුවන් වෙන්නේ.ඉතින් මේ වගේ වරායේ ගැඹුර හොයල ඒවා සිතියම් ගත කරන එක තමයි මේ අය කරන්නේ. ත්‍රීකුණාමලේ වරයේ දැනට තියන මේ nautical charts ගොඩක් පරණ ඒවලු.අපිටත් පුළුවන් උනා මේක කරන හැටි බලාගන්න.ඉතින් වරායේ අපි කට්ටියට යන්න බෝට්ටු දෙකක් සුදානම් කරලා තිබුනා.එක බෝට්ටුවක 5 දෙනා ගානේ දාගෙන ගියා.අපි safty jacket දාල එහෙම තමයි ගියේ ඉතින්.ඒ අයියල අපිට කිව්වා මුලින්ම ආරක්ෂාව තමයි වැදගත් කියල.අපිනම් මේ practical එක කරේ වරාය ඇතුලේ එක නිසා ඉතින් මුහුද එච්චර සැර නෑ. ඒත් ඒගොල්ලොනම් වරායෙන් එළියටත් යනවලු.සමහර දවස් වලට මුහුද ගොඩක් සැර වෙනවලු එහෙම දවස් වලට ඉතින් වැඩ කරන්න බැරිලු.අපේ කට්ටියටත් මරු වැඩක් උනා. අපි බෝට්ටුවේ ඉන්න වෙලාවේ අපේ බෝට්ටුවේ හිටිය අයියට call එකක් ආව අනිත් බෝට්ටුවේ engine එක නතර උනා කියල.ඉතින් අපි එයාල හිටිය පැත්තට ගියා.අපි යනකොට එයාල ගොඩබිම පැත්තට පාවෙලා යනවා.ඉතින් අපේ බෝට්ටුවෙන් ලනුවක් දාල තමයි ඒ බෝට්ටුව ඇදගෙන ආවේ.





අපේ කට්ටියනම් ගොඩක් බයඋනා ඒ වෙලාවේදී.අනිත් බෝට්ටුව පදවපු අයියගේ කකුලේ විස කටු වගයක් ඇනිලා එයාට hospital එකෙන් බෙහෙත් ගන්න පවා උනා.අපිට ඒ වෙලාවේ තමයි තේරුනේ එයාල කරන්නේ කොච්චර අවදානම් වැඩක්ද කියල.ඉතින් ඒ විදිහට අපිට ජීවිතේ කවදාවත් ලැබෙන්නැති අත්දැකීම් ගොඩක් ලැබුනා.අපිට මේ practical එක කරන්න උදව් වුන NARA ආයතනයේ හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි.





මේ අයිය තමයි අපිට මේ field visit එකට ගොඩක් උදවු කරේ මෙයා අපේ campus එකෙන් out උන කෙනෙක්.






මේ අයිය තමයි අපේ බෝට්ටුව පැදෙව්වේ

 


ඒවගේම වරායේ ගොඩක් බහුදින යාත්‍රා තිබුනා. ඒ බෝට්ටු වල කට්ටිය අපිත් එක්ක කතා කරලා කිව්වා එයාලගේ විස්තර.පුදුමත් හිතෙනවා ඒවා අහද්දී.එයාල මාස ගණන් මුහුදේ ඉන්නවලු එක පාරකට මුහුදු යන්න ඔක්කොම වියදම ලක්ෂ 25 ක් විතර යනවලු.ලක්ෂෙක විතර ඉන්ධන ඕනි වෙනවලු එක පාරක මුහුදු යන්න.එක බෝට්ටුවක යන්නේ පස් දෙනෙක් විතරලු.එතන හිටිය සමහර කට්ටිය අනිත් රටවල මුහුදු සීමාවලට ගිහින් ඒ රටවල්වල සිරගත වෙලා හිටිය අය.

බහුදින යාත්‍රා



 බහුදින යාත්‍රාවක් ඇතුල 


මේ නැවෙන් තමයි Tokiyo Super කියන සිමෙන්ති කර්මාන්ත ශාලාවට ජිප්සම් කියන අමුද්‍රව්‍ය ගේන්නේ.




Tokiyo Super කියන සිමෙන්ති කර්මාන්ත ශාලාව

ඉතින් ඔහොම අපේ practical එක ඉවර වුනා.දෙවැනි දවසේ අපි ගියා Marble Beach කියන ලස්සන වෙරල තීරය බලන්න.ඒක ගොඩක් ලස්සන වෙරලක්.ඔයාලත් ගියා වෙලාවක යන්න.




 Marble Beach 

තව කෝනේශ්වරම් කෝවිලටත් ගියා.තව ලංකාවේ දිගම පාලමක් වෙන කින්නියා පාලමත් දැක්කා.



කින්නියා පාලම

ඉතින් ඔහොම තමයි අපේ field visit ඒක ඉවර උනේ.ගොඩක් විනෝද උනා.ඒ වගේම ගොඩක් අත්දැකීම් ලබා ගත්තා.
Monday, July 2, 2012 0 comments

අපි කන හැටි කවුරු දනීද ??



පුතා බත් බෙදල තියෙන්නේ කන්න එන්න..

වරෙන් බං යන්න කැන්ටිමේ කෑම ඉවරවෙයි නැත්තම්.!

ඇයි කුස්සියේ ඉඳන් කන්නේ යමුකෝ TV බල බල කන්න..

මේ පෝලිම ඉස්සරහට යන්නේ නෑනි බං.. එකතැනමනි.    

අදනම් කෑම එකේ තියන මාළු ජාති නියමෙට ගැලපෙනවා.  

අප්පෝ දවල්ට තියෙන්නෙත් උදේ තිබුන පරිප්පුවමයි.@#!

ඔය ගොටුකොල සම්බෝලේ පැත්තකට කරන්නේ ඇයි? ගුණ දේවල් කන්න ඕනි..

හැමදාම මේ පරිප්පුවනි අයියේ වෙන දෙයක් ඇත්තෙම නැද්ද?? රුපියල් 25ට ඉතින් රාජ භෝජන දෙන්නද මල්ලි??   

කාල ඉවරද පුතා.. එන්න තව බත් ටිකක් දෙන්න..

මේ බත් වල ගල් බං!#$.. කන්න බෑ විසිකරනවා..

ආ.. මේකට අත හෝදගන්න. පිගානේ ඔහොම තියන්න. අන්න කෙසෙල් වගයක් ඇති කන්න..

මල්ලි ගාන 25 යි ඉතිරි සල්ලි පස්සේ දෙන්නම්. දැන් මාරු සල්ලි නෑ..

මේ සිරි ලංකාවේ විශ්වවිද්‍යාලවල හා අනෙකුත් ආයතන වල ආපනශාලා වලින් ඔබත් මෙවැනි ප්‍රනීත අහාරවේලක රස බලා ඇති..
Sunday, July 1, 2012 0 comments

අර+යක්කු = අරක්කු



වැඩිවෙනකන් අමාරුවෙන් ඇතුළට දාගන්න,
වැඩිවුණාම අමාරුවෙන් එලියට දාන,  
කොච්චර අමාරු වුනත් කිසිදා එපානොවෙ අරුම පුදුම පානයකි.


අත්හදා බැලීමෙන් වලකින්න..
 
;